මේ විරසකය කොතෙක් දුර ගියාද කිවහොත් 2015 ජනපතිවරණයේ දී විපක්ෂයේ අහියෝග මැද වුවද නාමල් සහ බැසිල් එකම වේදිකාවකට නොනැග්ගහ.
2015 ජනපතිවරනය පැරදීමත් සමග පැදුරටත් නොකියා රට පනින බැසිල් නැවතත් ලන්කාවට එන්නේ ආරක්ෂාව පිලිබදව වත්මන් නමින් යහපාලන රජය දෙන සහතිකයත් සමගිනි. මහින්දවාදී බහුතරය කෙතරම් අකමැති වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවමින් උපක්‍රමශීලීව යලිත් කරලියට පිවිස බලය ලබා ගන්නා බැසිල් තමන්ට විරුද්ද බහුතර රාජපක්ෂ වාදී පාක්ෂිකයින් තුල පවා "බැසිල් නැතුව දිනන්න බෑ" යන මානසිකත්වය රෝපණය කිරීමට සමත් වේ.
2019 දී නියත වශයෙන්ම ගෙදර යෑමට නියමිත මේ දුර්වල බෙලහීන ආණ්ඩුව ප්‍රතිස්තාපනය කරන්නේ කුමන රාජපක්ෂ වරයා ද යන්න පිළිබද සීතල යුද්ධය කරලියට පිවිසෙන්නේ මෙවන් වකවානුවකය. එහි ඉදිරියෙන්ම ගොටාබය රාජපක්ෂ සිටින අතර මහින්ද රාජපක්ෂ ගේ බලාපොරොත්තුව නාමල් රාජපක්ෂට කල වයස එනතුරු ජනපති පුටුව රත් කරන්නටය. ඒ සඳහා ඇති ඉඩකඩ බැලීමට ඔහු දැනටමත් මුට්ටිය දමා ඇත. ගොටාභය, බැසිල් හෝ චමල් රාජපක්ෂ අතට බලය ගියහොත් යලි තම පවුලට ගැනීමට නොහැකි බව මහින්ද අත් දැකීමෙන්ම දන්නේ තම ලොකු තාත්තා වන D. M. රාජපාක්ෂ ගේ අභාවයෙන් දේශපාලනයට පිවිසෙන D.A. රාජපක්ෂ තම අයියාගේ පවුල දේශපාලන කරාලියෙන් අතු ගා මහින්ද චමල් බැසිල් දේශපාලනයට ප්‍රවිෂ්ට කිරීම නිසාය.
මහින්ද රාජපාක්ශට ව්රවස්තාව තුල ඇති අවම අවසරය නිසා ගොටාභය රාජපක්ෂ හෝ වෙනත් කෙනෙක් ජනපති වුවහොත් ඒ සන්තෑසියම තම පවුලටත් අත් වන බව පොළොවේ පයගසා සිටි දේශපාලකයෙකු වශයෙන් මහින්ද හොදට දනී.
ඒ නිසා කවුරු ජනාධිපති වුවත් නාමල් රාජපක්ෂ ඊලග රජයේ අගමැති හෝ ප්‍රබල තනතුරක සිටවා ඊලග ජනපති අපේක්ෂකත්වයට ඔහුට ඇති භාදක සිදලීම කල යුත්තකි.
2019 දී මේ ආණ්ඩුව ගෙදර යන එක වලක්වන්න මොන ජගතෙකුට වත් නොහැකි වන සේම ජනබල මෙහෙයුම් නොව අගනුවර පැල් බැදගෙන හිටියත් 2019 වනතුරු මේ ආණ්ඩුව ගෙදර යැවීමටද නොහැකිය.
එසේනම් මේ තකහනියේ කොලබ වටලන්නේ ඇයි ? මේ වෙලාවේ බැසිල් රාජපක්ෂ සිටින්නේ අමරිකාවේය. බැසිල් නැතුව දිනන්න බෑ මානසිකත්වය කඩා සුනු විසුනු කරමින් නාමල් රාජපක්ෂ ඉතා සාර්තක සහ දක්ෂ සංවිධායක වරයෙකු වශයෙන් බෞස්තීම කිරීම මේ වෙලාවේ කල යුත්ත්ක්මය. මේ විරෝධයේ සම්පුර්ණ වගකීම දරන්නේ නාමල් රාජපක්ෂය. ඔහු ආසනෙන් ආසනයට ගමන් කරමින් මේ වි
රෝධතාවය සන්විධානය කරැණු ලැබීය.
මේ විරෝධතාවයෙන් පසු නාමල් රාජපක්ෂ යනු දක්ෂ පරිනත නායකයෙකු බව ඔප්පු වනු ඇත. මේ පෙළපාලියේ ගමන් කරන ජනතාව "අපිට ඕන ආණ්ඩුවක් රට සුරකින ආණ්ඩුවක්" කියනවාට වඩා "අපිට ඕනේ ආණ්ඩුවක් - නාමල් ගේ ආණ්ඩුවක්" කියා කීම වඩා උචිතය.
No comments:
Post a Comment