Thursday, September 22, 2016

උතුරේ විහාරස්ඨාන ඉවත්කිරීම සහ බුද්ධ පුත්රයින්ගේ වගකීම


උතුරේ බවුද්ධ විහාර ඉවත්කිරීම ට ජනතාව උද්ඝෝෂණය කිරීම ගැන ඉතා සංවේදීව සහ ගැඹුරින් සිතා බැලිය යුතුය. මම හින්දු භක්තිකයින් බොහෝ ඇසුරු කර  ඇත්තෙමි. ඔවුන් බොහෝ දෙනකුට බුදු රජාණන් වහන්සේ ගැන තිබෙන්නේ ඉමහත් ගවුරවයක්. ඔවුන් බුදුන් වහන්සේ අමතන්නේ මහා ඍෂි නමින්. එහෙත් ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයින් බුදුන් වහන්සේත් බවුද්ධාගමත් කෙරෙහි මෙතරම් වෛරයකින් පසු වන්නේ ඇයි ?. මෙය හොදින් සිතා බැලිය යුතු තත්ත්වයකි. පිළිතුර නම් ශ්‍රී ලංකාවේ දී බුදු දහම දැඩි ජාතිවාදී සහ  ස්වරුපයෙන් ක්‍රියාත්මක වීමයි.  අද වන විට බවුද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිහියට නගන විට සිතේ මැවෙන්නේ උපශාන්ත පෙනුමකින් වඩින  පැවිදි රුවක් නොව වෛරයෙන් කෝපයෙන් කෑ ගසන චීවර දාරි රුවකි.  තම හිස මතට පතිත වූ මෝටර් සහ කාල තුවක්කු උණ්ඩ වලට ඍජුවම දායකත්වය සපැවුයේ භික්ෂූන් වහන්සේලා බව ඔවුන් දනිති. මේ බුදුන්ගේ දේශයයි කෑ ගසන ඔවුන් මේ සින්හලයින්ගේ දේශයයි ද වදාලති. එහි වක්‍රාකාර තේරුම නම් මේ බිම දෙමලාට අයිති නොවේ එහි අයිතිය ඇත්තේ සිංහල බවුද්ධයින්ට පමණි යන්නයි. එවිට දෙමලාට සිතෙන්නේ කුමක්කද? බුදුන් වහන්සේ යනු තම ජාතියේ පරම සතුරෙකි. බුදු පිළිම යනු සතුරු ආක්‍රමණිකයින්ගේ සංකේතයයි. හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම තැබූ විට බුදු දහමේ සුරක්ෂිත තාවය ඇති වන්නේ යයි සිතීම බරපතල අනුවන කමකි. බුදු දහමේ සුරක්ෂිතබාවය ඇති වන්නේ සැබෑ බවුද්ධයින් වැඩි වන තරමටය. පළමුව භික්ෂූන් වහන්සේලා බවුද්ධ විය යුතුයි. බුද්ධ පුත්‍රයින් නම් ගමන් කලයුතු වන්නේ පියාගේ අඩි පාරේ මිස අන් අය ගිය මාවත් වල නොවේ. පියාගේ ගුණ ගයමින් ඊට ප්‍රති විරුද්ධ දිශාවන්හි ගමන් ගන්නා අය බුද්ධ පුත්‍රයින් වන්නේ කෙසේද?. මහ ජාතියේ බලය පවත්නා විධායකය, විව්රස්තාදායකය සහ අධිකරණය යොදා ගනිමින් අවශ්‍ය නම් උතුරේ අඩි  දහයෙන් දහයට බුදු පිළිම තැන් පත් කල හැකිය. එසේ බලහත්කාරයෙන් තැන්පත්  කරන බුදු පිළිම බුදු දහම ආරක්ෂා කරන්නේද? බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ බවුද්ධ්යින්ට නොවේ අබවුද්ධයින්ටයි. ඔවුන් බවුද්ධයින් වුයේ ඉන්  පසුවයි. මා මීට පෙරද කීප වතාවක්ම සදහන් කල පරිදි උතුර අද විශාලාවක් වන අතර යුද්ධයෙන් කිසිවෙක් නොමල ගෙයක් නොමැත. නියම බුද්ධ්පුත්රයින්ගේ වගකීම සහ යුතුකම වන්නේ එම වේදනාබරිත ජනතාව අතරට වැඩම කොට ඔවුන්ගේ දුක් ගිනි නිවීමට ක්‍රියා කිරීම නොවේද?. විශාලා මහනුවරට බුදුන් වැඩියා සේ ක්‍රියා කිරීම නෙවන්නේද?. ජාති ආගම්  කුල මල බේද සුනු විසුනු කොට සියල්ලන්ම මිනිසුන් ලෙස දැකීම නොවන්නේද?. ජාතීන් අතර වෛරය වැපිරීම වෙනුවට මෛත්‍රිය කරුණාව වගා කිරීම නොවන්නේද?. බලහත්කාරයෙන් බුදු පිළිම තැන්පත් කරනු වෙනුවට ජනතාව සිය කැමැත්තෙන් ගවුරවයෙන් බුදු පිළිම තැන්පත් කරන යුගයක් උදාකර ගැනීම නොවන්නේද ?.
දමල ජනතාව ජාතිවාදී වන අතර අප පමණක් සහජීවනය් ගැන කතා කිරීමෙන් පලක් තිබේද යන්න බොහෝ අය අසන ප්‍රශ්නයකි. දකුණේ ගංමංපිලලා වීරවන්සලා රාජපක්ෂලා මෙන්ම උතුරේත් ජාතිවාදය බඩගෝස්තර වාදය කරගත් විග්නේශ්වරන්ලා ශ්‍රීදරන් ලා රුද්‍රකුමාරන්ලා ද සිටිති. දකුණේ ජනතාව ජාතිවාදයෙන් බලය තහවුරු කර ගැනීමට වෙරදැරූ අවස්තාවාදීන්ට නිසි පිළිතුරු දුන් නමුත් උතුරේ ජනතාව තවමත් දෙමල ජාතිවාදී අන්තවාදීන් ගෙන් ගලවා ගැනීමට අපි සමත් වී නැත්තෙමු. එය කල හැක්කේ බලහත්කාරයෙන් නොවේ. අප අපේ ආධිපත්‍යය යුධමය හෝ සාමකාමී දේශපාලනයෙන් පතුරුවා හරින තාක් කල් ඔහුන් එම අන්තවාදීන් ගෙන් ගලවා ගත නොහැකිය. මා සිතන්නේ විග්නේශ්වරන් කරන්නේ රාජපක්ෂලාගේ කොන්ත්රාත්තුවකි. උතුරේ වැසියන් අවුස්සා දකුණේ අන්තවාදී මතය යලිත් කරලිය ට ගෙන එමෙන් රාජපක්ෂලාට බලය ලබා ගත හැකි පරිසරයක් සකස් කර දීමයි. වාසුදේව මස්සිනාගෙන් ද ඊට අවැසි උපදෙස් ලැබෙනු ඇත.
මා කලින් සඳහන් කල ආකාරයට මේ සඳහා සැබෑ බුද්ධපුත්ර්යින්ට කල හැකි කාර්යය ඉමහත්ය. එවිට එදා තිබු පරිදිම උතුරේත් විහාරස්ඨාන ගොඩ නැගෙනු ඇත.

නහී වෙරෙන වෙරානි
සම්මන්තී ධ කුදාචනන්
අවෙරෙන ච සම්මන්ති
එසධමමො සන න්තනො
(මේ ලෝකයෙහි කිසිකලෙක වයිරයෙන් වයිරය නම් නො සන්සිදෙති.අවයිරයෙන් ම සන්සිදෙති.මෙය පෙර සිට එන ධර්මතාවයකි.)


 24.08.16

No comments:

Post a Comment