"ස්පාටකස්' පොට පතට හුරු මේ
නම නො ඇසූ කිසිවෙක් නොසිටිය යුතුය. ඉතිහාසගත
මේ මහා වීරයාගේ වීරත්වයේ සුවඳ මම යම් පමණකින් විඳ තිබිණි. ඉතා කුඩා කල තේරුමක් නොදනී
නමුදු හුදු වීරත්වය නිසාම කියවූ චිත්‍ර කතාවක්
සමග සිත තුල සුවිශේෂී ස්ථානයක් අරක් ගත මේ චරිතය වඩාත් ශක්තිමත්ව පින්තාරු වුයේ
කාල් මාක්ස් ගේ ජීවන චරිතය තුල ඔහු විසින් වඩාත්ම ප්‍රිය කල පුද්ගලයා ලෙස සදහන් වීම
නිසාවෙනි. මා දැන සිටියේ ඔහු වහල් නායකයෙකු
කැරලි කරුවෙකු බව පමණි. එහෙත් එකල ලොව සියලුම
බලවත් රාජ්‍යයන් පාහේ සිය යටතට ගත් කෘර අධිරාජ්‍යයෙක් වූ සීසර් ගේ රෝමයේ දීම වහලුන් සමග ඔහුගේ බලවත් හමුදාවන්ට
එරෙහිව සටන් වැද රෝමයේ කොටසක වහලුන් ගේ නිවහල්
දේශයක් බිහි කරමින් වසර හතරක් පුරා එම නිවහල් රාජ්‍යය සුරැකි මාහා වීරවරයෙකු බව මේ
පොත කියවන තුරු මම දැන නොසිටියෙමි. මේ අප කතා කරන යුගය ක්‍රිස්තු උපතට වසර සියයකට පෙර
කාලයයි. එකල වහලුන් මිනිසුන් නොව තිරිසන් සතුන් කොටසක් බව සාමාන්‍ය ජනයා ට ඒත්තු ගැන්වූ
සහ වහලුන් කෙරෙහි එලෙස ක්‍රියා කල යුගයක එවන් වික්‍රමයක් කිරීම සුළු පටු දෙයක් නොවේ.
අද පවා තමන් සිතින් වහලුන් ට වහලුන් බව ඒත්තු ගැන්වීම අසීරු සමාජයක් තුල ඔහු ගේ නායකත්වයෙන්
රෝම හමුදාව පරාජය කිරීම ඉතිහාසයේ මා මෙතෙක්
අසා ඇති ශ්‍රේෂ්ටතම වීර ක්‍රියාව වන්නේය.
හොවර්ඩ් ෆාස්ට් තම ඉතිහාස දැනුම මත
පිහිටුවා මේ ශ්‍රේෂ්ට එයිතිහාසික සටන නව කතාවක් ලෙසින් ගොඩ නගා ඇති අයුරු අපුරුය. සිංහල
පාටකයා වෙත මෙම කෘතිය විදීමට දුන් සුදත් බණ්ඩාර ට ගවුරවනීය ස්තුතිය පිරිනැමිය යුතුමය.
පෙර වදනේ එන සුදත් ගේ එක අදහසක් සමග මම 100% ක් ම එකග වෙමි. එනම් ඉතිහාසයේ
සපාටකස් හා සසදන කල ඔහුට ට වඩා කුඩා චරිත ගැන සිංහලෙන් බොහෝ පොත් පත් ලියවී ඇතත් ස්පර්ටකස් ගැන සිංහල පොත් ඉතා අල්ප බව හා ලාංකීය නිදහස් කාමීන් තුල පවා ඔහු ගැන දැනුම අල්ප බවයි
21.06.16
No comments:
Post a Comment