Thursday, September 22, 2016

ඇට සැකිල්ල

ඇට සැකිල්ල

ලගදි දවසක මම ගේ ඉස්සරහ කානුව ලග තණකොළ සුද්ද කරන කොට මැරුණු ගෙම්බෙකුගේ අට සැකිල්ලක් හම්මබ වුනා. මම අපේ පුතාට එන්න කියල එක පෙන්නුවා. එයාට ඒක තියා ගන්න ඕන වුනා. මම ඒක ෂොපින් බග් එකකට දාල දුන්නා. මිනිහා ඒක වැඩි පරිස්සමට බෑග්එකට වතුර පුරවලා මොකද ගෙම්බෝ වතුරේ ඉන්න කැමතියි නේ. කොහොම වුනත් එයාට අම්මගෙන් ඒක ගේ ඇතුලට ගන්න අවසර ලැබුනේ නැහැ. දවස් දෙක තුනකට පස්සේ පුතා ගෙම්බව මතක් වෙලා හොයන කොට අම්මා ඒක විසි කරලා. මම හවස ගෙදර යනකොට එකම යුද්ධයක්. පුතා බිම පෙරලි පෙරලි අඩනවා. මම ඇහුවා "ඇයි පුතේ අඩන්නේ" කියලා. කොල්ලගේ ඉකි බිඳීම වැලපීමක් බවට පත් වුනා. "තාත්තේ මගේ ඇට සැකිල්ල අම්මා විසි කරලා"

No comments:

Post a Comment