Thursday, September 22, 2016

ඩොලර් කපුටු නාඩගම


ඩොලර් කාක්කන්, NGO කාක්කන් යන වචන සමාජ ගත කිරීමෙහිලා සම්පුර්ණ ගවුරවයම ජගතා නියුක්ති පෙරමුණ ට ලැබිය යුතුය. ජාතික ගැටලුවේ තම මතයට පටහැනි මතදාරීන් ගේ මතය පරාජය කරනවා වෙනුවට පුද්ගලයින් සමාජය ඉදිරියේ ගර්හාවට ලක් කොට යටපත් කිරීමේ ව්‍යාපෘතියක් ලෙස  ආ මේ නින්දා නාම, මඩ වංස  ජවිපෙ න් එලියට විසි කරන විට ඔතා තිබු රතු රෙද්ද විසිකොට කහ රෙද්දකින් ඔතා හොරෙන් ඉතා පරිස්සමට  රාලපක්ෂ වලව්වට ගෙනයාමට සුක්ෂම විය. එතැන් පටන් මේ නින්දා නාම වල පේටන් බලපත්‍රය රාලපක්ෂ  බැලයන්  සතුවිය.

මේ ස්කලසිරින් පිරි දුපත් තලයේ ඩොලර කපුටු නාමයෙන් වඩාත්ම ගර්හාවට ලක්වූ දෙස්පලුවා වන්නේ විජේ බාහු වන අතර එම නාමයෙන් තම විරුද්ධවාදීන්ට ගසා දැමු වාර්තාව සතු වන්නේ මඩ වංස සතුවය.
මුව විවර කරන වාරයක් වාරයක් පාසා ඩොලර් කුට්ටි වැටුණු විජේ බාහු ගිනි පෙට්ට්ටියක් තරම් වාන් රථයක ගමන් කරමින් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලගින විට මඩ වංස උතුමානෝ ඉන්ටර් කූලර් වල ගොසින් මාලිගා වල වසන්නේ දේශාරක්ෂක දේශප්‍රේමී දෙවිදෙවතාවන්ගේ ආනුභාවයත් ආඥ්යාවත් නිසාම විය යුත්තේය.

(ගොඩින් නොගොස් මඩින් ම වඩිනු මැන)


ඉන්දික අනුරාධ ගමගේ 01.07.16

No comments:

Post a Comment