Thursday, September 22, 2016

අහම්බය සහ නියතය

අහම්බය සහ නියතය

අල කනත්තේ ගුනේ අයියා අපේ බන්දුල ගේත් සංජීව මල්ලිගේත් බාප්පා. ගුනේ අයියගේ ඥාති සහෝදරයෙක් වෙන ගමගේ අයියා අපේ දේශපාලන සහෝදරයෙක්. දැනට සැහෙන කාලෙකට කලින් හදිස්සියේම ගුනේ අයියා වාහන අනතුරකට ලක්වෙලා මිය ගියේ අපි හැමෝම දැඩි කම්පනයකට ලක් කරමින්. මම දවස් වල ගමගේ අයියත් එක්ක මේ ගැන කනගාටුවෙන් කතා කර කර හිටියා. "මනුස්සයාගේ  නරක වෙලාව තමයි ඉතින්" කියලා මම කිව්වම ගමගේ අයියා  "ඔන්න ඕකනේ මහත්තයෝ කියන්නේ නරක වෙලාව හොඳ වෙලාව කියල දෙයක් නැහැ.   ඒක අහම්බයක්" යයි කිව්වේ මාක්ස්වාදයේ එන අහම්බය සහ නියතය පිළිබද සංකල්පය මට ඉගැන්වීමාට විනාඩි 15 ක් පමණ ගත කරමිනි. ඔහුගේ දේශනාව අසා සිටි මම " ඒක නම් ඇත්ත තමයි එත් ඉතින් ඔය අහම්බෙ වුනත් සිද්ද වුනේ මනුස්සයාගේ නරක වෙලාව නිසා" යයි කී  විට" අනේ  ඔහෙත් එක්ක නං බෑ" කියමින් ගමගේ අයියා සිනා සුනේය.

No comments:

Post a Comment