අපේ
මෙනුලි මේ දවස් වල හැම දේටම හේතුව මොකක්ද කියලා විමර්ශනය කරනවා. "ඇයි ඔයා හිටගෙන ඉන්නේ", "ඇයි
ඔයා වාඩිවෙලා ඉන්නේ", ඇයි හිනාවුනේ", ඇයි මාව වඩා ගන්නේ නැත්තෙ", ඇයි වඩා ගත්තේ". හැම
දෙකටම ඇයි, ඇයි ඇයි කියලා
ප්රශ්න කරනවා. ඒවාට මොකක් හරි උත්තරයක් දෙන්නම ඕන. පිළිතුරෙන් සැහීමකට පත් වුනේ නැත්නම් "ඔයා බොරු කියනවා" කියලා විරෝධය ප්රකාශ කරනවා. අපි Jaffna යනකොට බිම හදලා තියෙන මාළු ටැංකියක් තිබුනා. මේ එතනදී දුව සහ මා අතර ඇති වූ සංවාදය;
මෙනු
; තාත්ති
මම
: ඇයි
මෙනු:
ඇයි මේ ටැංකියට tap එකක් තියෙන්නේ ?
මම
: ආ...... ඒ මාළුන්ට වතුර බොන්න නේ
මෙනු
: ඔයා බොරු කියනවා
මම:
ඒ මොකද ?
මෙනු:
කෝ එයාලගේ කෝප්පේ නැනේ
(ගහේ
කටු උල් කරන්න ඕනේ නෑ යනුවෙන් comment කිරීමෙන් වලකින්න)
No comments:
Post a Comment