රළු
අහස දෙදරවා
කිරි
මුහුද කළඹවා
සක්වල
ගල මතට
කුවේණිය
ගෙන්නවා
ඇසුණු
මුනි බන නිසා
හී
පාරක වලකවා
රුදුරු
මරණින් මිදුණු
සියලු
සත කැදවලා
නැගුනු
දා ගැබ නිසා
තෙලඹු
ගස හැර පියා
සිනාසී
ඉවත ගිය
රන්
මාලි දෙස බලා
මගුල්
බෙර හඩවලා
පියුම්
පාවඩ එලා
දෙරණ
රකින්ට සපත
දෙව්
බබුන් වැඩමවා
රුවන්
සළුපිලි වලින් සැරසුව
යදම්
බැදී පා සෙමෙන් තබමින
අතීතයෙ
රන් රුවන් කරඩුව
වඩම්මන
සැටි බලන් ඇත්රජ
එහෙත්
සකියනි බලන් නෙත් හැර
සගවන්න හැකිවේද
දෙනෙතට
පිළුණු
දැයකින් ගලන ඕජස
අතීතයෙ
සළු කොතක් වෙලුවද
පියවරුනි
සැතපෙනා කූඩුවේ
මව්
වරුනි පිඩු සිගන මාවතේ
දියණියනි
කෙලෙසෙනා නිවහනේ
නුඹයි
කැඩපත අභිමාන ජාතියේ
දෙමලුන්ව
පෙති ගසා
තම්බින්ට
ඇන ගසා
දෙව්දත්ගෙ
බන අසා
හිනැහෙනා
දන දැයේ සතුරන් නසා ...
---- ඉන්දික
අනුරාධ ගමගේ ---------
15/10/2015
No comments:
Post a Comment