Friday, September 23, 2016

යලි නොඑයි සරස්වති (ගමයාගේ නිසදැස් )

ශ්වේත සළු හැදි ගිරි ශිකර මත
පය තබා නිල් ගුවන් ගැබ වැද
සැරිසැරූ ලොව හිතුමතේ
සොදුරු මල් විය අබියසේ

සිත මත්ව කවි මතින්
පෙරුම් පිරුවෙමි
කවි බින්දු  වී සිප ගන්න
සොදුරු සිත් සුවහසක්

දෙදෙව් ලොව යසස් ඇති
සොදුරු කත කෙලෙස් නැති
කළා ලොව වනස් පති
හිනැහුනා සරස්වති

මිතුරු තොමෝ බිතුසිතුවම්
මෙන් පැවතී
දුන් ඔවදනක් සිටියා
සිත තුල නැවතී

ඉසුරු දෙන මන බැන්ද
ලක්ෂ්මි නම් සුර ලන්ද
නොඑන බව නොදනිම්ද
සිත සරස්වති ඉන්න

කවි ලීම අත් හළෙමි
ලක්ශ්මිට පෙම් කලෙමි
එනතුරා මග බැලීමි
විසි වසක් ගොස් තිබුණි

බලා සිටියා නිබද පේවී
අද  නැතත් හෙට වඩියි රෑ වී
ගිය නමුත් විසි වසක් සේදී
කිමද නාවේ ලක්ෂ්මි දේවී

නොපැමිණි නිසා ලක්ශ්මිය
ලියන්නට කවි යලිත් සිත් විය

නොහැක ලියනට පෙර පරිදි කවි
ඇවිලුනා හදවතේ දුක් ගිනි

බිඳුණු සිත් දුරස් ඇති
යලි නොඑයි සරස්වති

18/12/2015

No comments:

Post a Comment